JOB VACANCIES 2026

01-01-1970

නව රැකියා ඇබෑර්තු 

සී/ස ගම්පහ සමූපකාර ආරෝග්‍යශාලා සමිතිය

ගම්පහ

සී/ස ගම්පහ සමුපකාර ආරෝග්‍යශාලා සමිතියේ පුරප්පාඩු වී ඇති තනතුරු සදහා ගම්පහ දිස්ත්‍රීක්කය තුල පදිංචි සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් 2026-05-06 දින සිට 2026-05-20 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

හෙදපාලිකා (මේට්‍රන්)(MG-02-2025 ii)-තනතුරු 01 වැ.ප=34,644-1050*10-1250*10-1400*5=64,644

 ඉහත මුලික වැටුප සදහා මාසිකව මෙම දීමනා ඇතුලත්වේ.34,644+(34644*15%)+2500+15000)=57,340.60

මෙම තනතුර ස්ථීරය. සමුපකාර විශ්‍රාම වැටුප් අරමුදලට දායකත්වය හිමිය.

බදවා ගැනීමේ සුදුසුකම් වයස් සීමාව - අවුරුදු 35-50

(අ) MG-02-2025 මට්ටමේ හෙද පාලක/පාලිකා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර දෙක (02) කට නොඅඩු සතුටුදායක සේවා පලපුරුද්දක් ලබා තිබීම හෝ MG-01-2025 මට්ටමේ හෙද සොයුරු/සොයුරිය ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර තුන (03) කට නොඅඩු සතුටුදායක සේවා පලපුරුද්දක් ලබා තිබීම හෝ    

(ආ ) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති රජයේ හෝ පිළිගත් හෙද විදුහල් පුහුණු සහතිකය සමග රජයේ හෝ පිළිගත් හෙද විදුහල් සහතිකය සමග රජයේ හෝ පිළිගත් ආරෝග්‍ය ශාලාවක හෙද පාලිකා ලෙස වසර තුන(03) ක හෝ හෙද සොයුරියක ලෙස වසර හය (06) ක සතුටුදායක සේවා පලපුරුදක් ලබා තිබීම. හෝ

(ඇ) පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් හෙද උපාධිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ ශ්‍රී ලංකා හෙද  සභාවේ ලියාපදිංචිය සමග රජයේ හෝ පිළිගත් ආරෝග්‍යශාලාවක හෙද  පාලිකා ලෙස වසර එක (01) ක හෝ හෙද සොයුරියක ලෙස වසර හතර (04) ක  සතුටුදායක සේවා පලපුරුද්දක් ලබා තිබීම.

අභ්‍යන්තර විගණක(MG-01-2025 iii )-තනතුරු 01 වැ.ප=29,804-950*10-1050*10*-250*10=62,304

ඉහත මුලික වැටුප සදහා මාසිකව මෙම දීමනා ඇතුලත්වේ.29,804+(29804*15%)+2500+15000)=51774.60

මෙම තනතුර ස්ථීරය. සමුපකාර විශ්‍රාම වැටුප් අරමුදලට දායකත්වය හිමිය.

බදවා ගැනීමේ සුදුසුකම් වයස් සීමාව - අවුරුදු 24-45

 (අ) MG-01-2025 මට්ටමේ අභ්‍යන්තර විගණක(ග්‍රාමීය බැංකු/විවිධ) ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර දෙක (02) කට නොඅඩු සතුටුදායක සේවා පලපුරුද්දක් ලබා තිබීම හෝ SU-01-2025 මට්ටමේ ගිණුම් හෝ විගණන ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර තුන (03) කට නොඅඩු සතුටුදායක සේවා පලපුරුද්දක් ලබා තිබීම හෝ OP-02-2025 මට්‌ටමේ ගිණුම් හෝ විගණන ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර (06) කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම හෝ     

(ආ) විගණනය පිළිබද වසරකට නොඅඩු අධ්‍යයන කාලයක් සහිත සමුපකාර ඩිප්ලෝමාවක් හෝ ගණකාධිකරණය පිලිබදව උසස් ජාතික සහතික පත්‍ර පාඨමාලාවේ මධ්‍ය පරීක්ෂණය සමත් වීම හෝ සහ සමුපකාර සමිතියක ගිණුම්/විගණන කටයුතු පිළිබද තනතුරක වසර තුන (03)කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම.   හෝ

(ඇ) ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ අවසාන සහතිකය ලබා තිබීම හෝ ගණකාධිකරණය පිළිබද උසස් ජාතික සහතික පත්‍ර පාඨමාලාවේ මධ්‍ය පරීක්ෂණය සමත්ව තිබීම හෝ වරලත් ගණකාධිකාරී ආයතනයේ අන්තර් මධ්‍ය පරීක්ෂණය සමත්ව තිබීම හෝ සහ පිළිගත් ආයතනයක ගිණුම්/විගණන කටයුතු පිළිබද තනතුරක වසර එක (01) කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුදක් ලබා තිබීම.

රසායනාගාර කාර් මික (SU-01-2025)-තනතුරු 01 වැ.ප 22,774-675*10-800*10-650*10=44,024

ඉහත මුලික වැටුප සදහා මාසිකව මෙම දීමනා ඇතුලත්වේ. 22,774+(22,774+15%)+2500+15000)=43,690.10

මෙම තනතුර ස්ථීරය. සමුපකාර විශ්‍රාම වැටුප් අරමුදලට දායකත්වය හිමිය.

බදවා ගැනීමේ සුදුසුකම් වයස් සීමාව - අවුරුදු 23-45

(අ)  SU-01-2025 මට්ටමේ රසායනාගාර කාර් මික ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර තුන (03) කට නොඅඩු සතුටුදායක සේවා පලපුරුද්දක් ලබා තිබීම.   හෝ

(ආ) අ.පො.ස. (උ.පෙළ)ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම සමඟ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  ලියාපදිංචි සහ වෛද්‍ය විද්‍යාලය මඟින් හෝ වෙනත් පිළිගත් පුහුණු ආයතනයකින් පවත්වනු ලබන වෛද්‍ය රසායනාගාර. තාක්ෂණය සම්බන්ධ ජාතික ඩිප්ලෝමාව (Dip.MLT) හෝ රසායනාගාර තාක්ෂණ ඩිප්ලෝමාව (DLT) සමත්වීම හෝ සහ පිළිගත් ආයතනයක එක් (01) වසරකට නොඅඩු සතුටුදායක සේවා පලපුරුද්දක් ලබා තිබීම.

වැඩ පරීක්ෂක (SU-01-2025 III )- (තනතුරු 01)  වැ.ප.-25,104-800*10-950*10-1050*10=53,104

 ඉහත මුලික වැටුප සදහා මාසිකව මෙම දීමනා ඇතුලත්වේ.25,104+ (25,104*15%)+2500+15000)=46,369.60

මෙම තනතුර ස්ථීරය.සමුපකාර විශ්‍රාම වැටුප් අරමුදලට දායකත්වය හිමිය.

බඳවා ගැනීමේ සුදුසුකම් වයස් සීමාව - අවුරුදු 21-45  

(අ) SU-01-2025 මට්ටමේ වැඩ පරීක්ෂක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර දෙක (02) කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම හෝ OP-02-2025 මට්ටමේ තනතුරට අදාල වැඩ ක්ෂේත්‍රයේ ස්ථිර ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර තුන(03) කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම හෝ OP-01-2025 මට්ටමේ තනතුරට අදාල වැඩ ක්ෂේත්‍රයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර හය(06) කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම.  හෝ

(ආ) අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් වීම හෝ සමුපකාර උසස් පෙළ විභාගය සමත් වීම හෝ සමග පිලිගත් ආයතනයක තනතුරට අදාළ වැඩ ක්ෂේත්‍රයේ NVQ -IV මට්ටමේ පුහුණු පාඨමාලාවක් සමත්ව තිබීම සහ පිළිගත් ආයතනයක අදාල වැඩ ක්ෂේත්‍රයේ මාස හය(06) කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම.   හෝ

(ඇ) අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය හා සිංහල භාෂාව ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සාමාර් ථ  සහිතව විෂයයන් හයකින් (06) සමත් වීම හෝ සමුපකාර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම හෝ සමග පිළිගත් ආයතනයක තනතුරට අදාල වැඩ ක්ෂේත්‍රයේ NVQ-III මට්ටමේ පුහුණු පාඨමාලාවක් සමත්ව තිබීම සහ පිළිගත් ආයතනයක අදාල වැඩ ක්ෂේත්‍රයේ වසර එකක (01) කට නොඅඩු සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම.

වයස් සීමාව:- සමුපකාර ක්ෂේත්‍රයේ ස්ථිර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව බල නොපානු ලබයි.

 

බඳවා ගැනීමේ ක්‍රමය - ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින්

ඉල්ලුම්පත්‍රය පිරවීමේදී ඉතා සැලකිලිමත් ව නිවැරදි තොරතුරු සැපයිය යුතු අතර බදවා ගැනීමේ නීති රීති අනුව යම් අයදුම්කරුවකු නුසුදුසු බව අනාවරණය වුවහොත් සමමුඛ පරීක්ෂණ පැවැත්වීමට පෙර හෝ පැවැත්වීමේදී හෝ පැවැත්වීමෙන් පසුව හෝ අයදුම්පත අවලංගු කල හැකිය.

අයදුම්පත්‍රය යොමු කිරීම

            

        1. අයදුම්පත්‍රය බහා එවන කවරයේ වම් පස ඉහල කෙලවරේ "සී/ස ගම්පහ සමුපකාර ආරෝග්‍යශාලා සමිතියේ ……………………………. තනතුර සදහා බදවාගැනීම"යන්න සදහන් කල යුතුය.

    

 

        2. සම්පුර් ණ කරන ලද අයදුම්පත්‍රය සමග සහතිකපත් වල පිටපත් ඇමුණුම් කොට 2026-05-20 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.     (අතින් ගෙනවිත් භාරදීමටද හැකියාව ඇත.) මෙදිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ඇත.

 

                           

                                                                                                                                                 

2026-05-04 දිනදීය.

සභාපති,

සී/ස සමුපකාර ආරෝග්‍යශාලා සමිතිය,

නො 43,මෙරිබිසෝ මාවත,

ගම්පහ

 


© 2026 Co-Operative Hospital All rights reserved | Web Design by ANTS